පිළිබඳව පාලක පරීක්ෂණයන් හි නියැළුණන් බව කීම මුසාවක් නොවේ. වරෙක තමා එකොළොස් හැවිරිදි වියේ පසුවත්දී බාලදක්ෂයන් විසින් ඉදිරියේ මැජික් පෙන්වීමෙහි නියැළුණු කුඩා ටෙලර් ඔවුන්ගේ ඇස් වසා කුඩා මාළු ටැංකියක් රෙදි කඩකින් මුවා කිරීමට දැරූ තැත වැරදී ගිය කල එම්.ආර්.අයි. විද්‍යාගාරයක පිහිටෙන් එදා ඔහුට සරදම් ලෙස එල්ල වූ ගල් පහරවලින් මිදීමේ හැකියාව තිබුණේ නම් තමා එසේ කිරීමට නොපැකිලෙන බව ටෙලර් පවසන්නේය. නමුත් සැබැවින්ම විජ්ජා උපක්‍රම යනු යන්ත්‍ර ආධාරයෙන් හඳුනා ගත හැකි වූවක් හෝ මිනිස් සංවේදනා හා සම්බන්ධ යාන්ත්‍රික විද්‍යාවක් හෝ නොව
ප්‍රේක්ෂකයන්ගේ අවබෝධතා ශක්තිය, හැසිරවීම හා සංවේදන ඉන්ද්‍රීන්ගෙන් ලැබෙන තොරතුරු ග්‍රහණය කර ගැනීම යන සියල්ලන්ගේ සංකලනයක්ම වන බැවිනි. මිනිසා සතු එකී අවබෝධතා ශක්තියේ විචලනයන් සිදු කිරීමට විජ්ජාකරුවන් සතු හැකියාව මත මැජික් ශිල්පයේ සාර්ථකත්වය මුළුමනින්ම රැඳී පවතින අතර පහතින් වනුයේ පෙන් විසින් පෙන්වා දෙන එබඳු විජ්ජා උපක්‍රමයන් කීපයකි.
2. විජ්ජාවේ සැබෑ වටිනාකමට වඩා වැඩි කැපවීමක් එය සාර්ථක කර ගැනීමට දරන්න
ඔබ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වනවාට වඩා වැඩි කාලයක්, ශ්‍රමයක්, පුහුණුවක් හා මුදලක් කිසියම් විජ්ජා උපක්‍රමයකට වැය කිරීමට ඔබ සූදානම් නම් එවැන්නක් අතිසාර්ථක වන බව කිසිදු සැකයක් නැති බව මැජික් ශිල්පී ටෙලර්ගේ අදහසයි. ඊට නිදසුනක් ලෙස සිය සගයා වන පෙන් සමග ඉදිරිපත් වූ ‘ඩේවිඩ් ලෙටර්මන්ගේ’ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී මේසය මත වූ තොප්පියකින් සජීවී කැරපොත්තන් පන්සියයක් පිටතට ගත් අවස්ථාව සිහිපත් කරමින් ටෙලර් පවසනුයේ බැලූ බැල්මට සරල යැයි හැඟෙන එම උපක්‍රමය සඳහා ඔවුහු සති ගණනක් කැපවූ බවය. කීට විද්‍යාඥයකුගේද සහය ඇතිව කැමරාව ඉදිරියේ සුහදශීලීව හැසිරෙන සෙමින් ගමනේ යෙදෙන (විශේෂ පුහුණුවකින් යුතු) කැරපොත්තන් සමූහයක් තෝරා වෙන්කර ගත් පෙන් හා ටෙලර් හට මුවින් නොබැණ මෙම පිළිකුල් සහගත කෘමීන් සිය නිරුවත් දෑතින් ඇල්ලීමටද විශේෂ පුහුණුවක් ලැබිමට සිදුවිය.
එමෙන්ම ඔවුන්ව රැඳවීම සඳහා තොප්පිය තුළ විශේෂිත රහස් කුටියක් තැනීමටද ඔවුන්ට සිදුව තිබිණි. නියත ලෙසම විජ්ජාවේ සැඟවුණු රස මිහිර නොදන්නා
ප්‍රේක්ෂක අපට මෙබඳු සුළු සංසිද්ධියක් වෙනුවෙන් දරන මේ සා මහත් වූ පරිශ්‍රමය වැදගැම්මකට ඇති දෙයක් ලෙස නොපෙණුනද විජ්ජාකරුවන් යනු සිය සාර්ථකත්වය වෙනුවෙන් ඕනෑම අන්තයකට වුවද යෑමට නොපසුබට වන්නන් පිරිසක් බව අපට වටහා ගත යුතුය.
3. සිනහව, තර්කානුකූලව සිතීමට බාධාවකි
පෙන් හා ටෙලර් දෙපළගේ විජ්ජා දස්කම්වල ඇති ඔවුන්ගේ අනන්‍යතාව හඟවන සුවිශේෂීත්වය වනුයේ ප්‍රහසනාත්මකව සිය විජ්ජා උපක්‍රම ඉදිරිපත් කිරීමයි. සිනහවෙන් කුල්මත්ව සිටින්නකුගේ මනසට තාර්කිකව සිතීමේ හැකියාව නොමැති බව වටහාගෙන සිටින පෙන් ද ටෙලර් දෙපළ සිය ඇස් බැන්දුමේ ප්‍රේක්ෂකයන්ගේ ඇස් වසා සිදුකළ යුතු සීරුමාරු කිරීම හැමවිටම ප්‍රහසනාත්මක ඉදිරිපත් කිරීමක් අතරතුරදී සිදු කිරීමට පරෙස්සම් වන්නේය.
4. ප්‍රේක්ෂක මනස රැවටීමට අවම ලෙස එකවර උපක්‍රම දෙකක් හෝ භාවිතා කිරීම
ටෙලර් හා පෙන් විසින් ලාස් වේගාස් හි ඉදිරිපත් කරනු ලබන බොහෝ සංදර්ශනවලදී නරඹන්නන් මවිත කරවන තවත් අපූරුම අංගයක් වනුයේ පුහුණු සුනඛයකු මෙන් ක්‍රියාශීලීව දස්කම් දක්වන අජීවී (එහෙත් සජීවී ලෙස දස්කම් පාන) බෝලයකි. ප්‍රේක්ෂකාගාරයේ සිට කිසිසේත් දැකීමට නොහැකි තරම් සියුම් වූ රැහැනකින් වෙහෙස වනු ලබන බෝලය ලී වළල්ලක් තුළින් කිහිප වාරයක් පනිමින් පණ ඇති සත්වයකු ලෙස හැසිරෙන්නේ බලා සිටින්නකුට එය නූලකින් මෙහෙයවනු ලබන බවත් සිතීමට හෝ අවකාශ නොදෙමිනි. එය නූලකින් මෙහෙයවනු ලබන බවක් යමෙකුට ආරම්භයේදී සිතුණද වළලු දස්කම් මගින් එකී ආරම්භක සිතුවිල්ල අහෝසි කර දමන්නේ එවැන්නන් කිසිසේත් නූලක් ආධාරයෙන් සිදුකළ නොහැකි බව කාටත් හැඟී යන පරිදි ඉතාම කාර්යශූර ලෙස ටෙලර් විසින් බෝලය මෙහෙයවන නිසාය. ඒ මාස දහඅටක් පුරා දැඩි කැපවීමෙන් යුතුව සිදුකරන ලද පුහුණුවීම්වල ප්‍රතිඵලයක් ලෙසය.
5. උපක්‍රමය රාමුවෙන් පිටතට ගැනීම
මැජික් සංදර්ශනයක් අතරතුරදී සිය පිට කබාය උනා පසෙකට විසි කරන ටෙලර් සිය කමිස සාක්කුවෙන් පිටතට ගනුයේ විශාල මකුළුවෙකි. කබාය උනා දැමීම ප්‍රේක්ෂකයා වටහා ගත් ආකාරයට ටෙලර් විසින් සිය පහසුව තකා සිදුකරන ලද්දක් නොව එකී මුවාවෙන් මකුළුවා පිටතට ගැනීමට සිදුකළ උපක්‍රමයකි.
6. ඔබ ඔබටම කියාගන්නා බොරුව හැර ඔබ රවටන අන් යමක් තවත් නොමැත
ටෙලර් විසින් ඉහත සඳහන් කළ ඔහුගේ මැජික් බෝලය සම්බන්ධ ඇස්බැන්දුමට පදනම සපයන ලද්දේ 1907 වසරේදී ඩේවිඩ් පී. ඇබට් නම් වූ ඔමාහා විජ්ජාකරුවා විසිනි. දක්ෂ විජ්ජා ශිල්පියකු වූ ඇබට්ගේ ප්‍රකට සංදර්ශන අංගයක් වූයේ රත්‍රන් පැහැති බෝලයක් ඔහු වටා නිදැල්‍ලේ පාවීමට සැලැස්වීම වූ අතර සිය සංදර්ශනය නිමවීමෙන් පසුව මෙම
සුවිශේෂී බෝලය අමතක වීමෙන් සංදර්ශන කුටිය තුළට දමා ගිය වාර බොහෝය. ඇබට්ගේ විජ්ජා දස්කම් දැකීමෙන් අපමණ පුදුමයට පත්ව සිහි
එළවාගත නොහැකිව සිටින කුතුහලයෙන් පිරුණු
ප්‍රේක්ෂකයන් වේදිකාවට පැමිණ මෙම
සුවිශේෂී විජ්ජාවට බඳුන් වූ බෝලය සියතින්ම අතගා බැලීමට මැලි නුවූවා සේම අධික බරකින් යුතු එවැන්නක් එසේ නිදැල්‍ලේ පාවෙන්නේ කෙසේදැයි කියා ප්‍රසිද්ධියේ මවිත වීමටද පසුබට නොවූහ. නමුත් ඇත්තෙන්ම විජ්ජාව සඳහා යොදා ගන්නා ලද බෝලය 140ඨ ක් වැනි අඩු බරැති සැහැල්ලු වූවක් වූ අතර ඇබට් විසින් ඕනෑකමින්ම අතපසු කොට දමා යන ලද බෝලය එහි අධි බර ඇති අනුරුවක්ම පමණක් විය.
වටහාගත යුතු කරුණ නම් මැජික් ශිල්පියෙකු විසින් ඔබටම යමක් අතපත ගා නිරීක්ෂණය කිරීමට ඉඩ දේ නම් ඉන් ඔහුගේ බොරුව බිඳලිය නොහැකි ලෙස ස්ථාවර වන බවය.
7. ප්‍රේක්ෂකයාටම යම් තේරීමක් කිරීමට ඉඩදීම යනු තමා ස්වාධීනව ක්‍රියා කළ බව ඔහුට ඇඟවීමකි
විජ්ජා ශිල්පියා හා සම්බන්ධ අඳුරුම තේරුම් ගැනීමට අපහසුම මනෝවිද්‍යාත්මක රහසක් ලෙස ටෙලර් විසින් හඳුන්වනු ලබන මෙය පැහැදිලි කිරීමට ඔහු විසින් කරදාසි කුට්ටමක් ඇසුරෙන් කළ විජ්ජාවක් පියවරෙන් පියවර පැහැදිලි කරනුයේ හෝ සඳහන් කළ සියලුම රහස් ප්‍රායෝගිකව යොදන අයුරු එකම විජ්ජාවක කැටිකර දක්වමිනි.
විජ්ජාව - කඩදාසි කුට්ටමක් ගන්නා ටෙලර් ප්‍රේක්ෂකයා ඉදිරියේ එය කීප වරක් හොඳින් කලවම්කොට තවත් කීප වාරයක් කපනුයේ එහි ඇති එකිනෙකට වෙනස් කරදාසි නරඹන්නාට පැහැදිලිව දිස්වන අයුරිනි. ඉන්පසුව කරදාසි කුට්ටමේ මුහුණත් පහළට සිටින සේ හරවා ඉන් තමන් කැමති කරදාසියක් තෝරා ගැනීමට නරඹන්නකුට ඉඩ හරින ටෙලර් එහි තවද එකී ප්‍රේක්ෂකයා වෙතින්ම අසා ගන්නේය. (උදා හාරත රැජිණ) ඉන් අනතුරුව එකී කරදාසි සියතට ගන්නා ටෙලර් එය සිය මුවේ රඳවාගෙන සපා ඉතා අපහසුවෙන් යුතුව එය ගිලින ආකාරයත් එය සිය උදරය වෙත ගොස් ජීර්ණය වී රුධිරය ඔස්සේ සිය දකුණු පාදය වෙත යන අයුරු පෙන්වමින් විසුලු සහගත රංගනයක යෙදෙන්නේ ප්‍රේක්ෂකාගාරයම සිනා සයුරේ ගිල්වමිනි.
සිය දකුණු පාදය ඔසවා පෙන්වන ටෙලර් එහි වූ පාවහන් ඉවත් කොට ‘හාරත රැජිණ’ ඉවතට ගැනීමට කාඩ්පත තෝරා දුන්
ප්‍රේක්ෂකයාට ඉඩ හරිනුයේ සියල්ලන් මවිතයට පත් කරමිනි. එසේම ටෙලර් විසින් විජ්ජාව සඳහා යොදාගත් කඩදාසි කුට්ටම දැක ගැනීමට ප්‍රේක්ෂකයාට ඉඩ ලැබුණෙහොත් ටෙලර්ගේ දකුණු පාදයෙන් මතුවූ හාරත රැජිණ එහි නොමැති බවද ඔහුට නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.
විජ්ජාවේ සැඟවුණු රහස සියල්ලටම පෙරාතුව මෙබඳු තාත්වික ඇස්බැන්දුම් සඳහා පෙර සූදානම අත්‍යවශ්‍යය. හාරත රැජිනක් සිය දකුණූ පාවහන තුළටද ඉස්කෝප්ප ආසියා කොළයක් සිය වම් පාවහනටද කාලාබර තුනක් සිය පසුම්බියටද රුවා ගන්නා ටෙලර් එකී කරදාසි පත් තුනෙහි පිටපත් පමණක් ආධාරයෙන් සම්පූර්ණ කරදාසි කුට්ටමක් නිර්මාණය කර ගන්නේ ඒ සඳහා කරදාසි කුට්ටම් දහඅටක් වැය කරමිනි. (නො. 2 වටිනාකමට වඩා වැඩි වියදමක් සාර්ථකත්වය වෙනුවෙන් දැරීම) කාඩ් කුට්ටම කිහිප වාරයක් කැපීමට ලක් කරන ටෙලර් ඒ තුළ වන එකිනෙකට වෙනස් කාඩ් පත් තුන ප්‍රේක්ෂකයාට දැකගැනීමට ඉඩ හරින අතර නරඹන්නාගේ නිගමනය නම් එයද එකිනෙකට වෙනස් කාඩ්පත් පනස් දෙකකින් යුතු සාමාන්‍ය කඩදාසි කුට්ටමක් බවය. (නො (1) හඳුනා ගැනීමේ රටාව) ඉන් කාඩ්පතක් තෝරා ගන්නා ප්‍රේක්ෂකයා සිතනුයේ තමන්ට තෝරා ගැනීමක් සිදු කිරීමටද අවස්ථාවක් ලැබුණු බවයි. (නො. (7) තෝරා ගැනීම යනු නිදහස නොවේ) ප්‍රේක්ෂකයා විසින් තෝරා දුන් කාඩ්පත ප්‍රේක්ෂකාගාරයේ සිනහ හඬ මැද ගිල දමන ටෙලර් (නො. (3) සිනහාව තර්කානුකූල සිතීමට බාධාවකි) එය සිය දකුණු වම් පාදය වෙත ගමන් කළ බව අඟවමින් සිය පාවහන තුළ වන හාරත රැජිණගේ කාඩ්පත පිටතට ගැනීමට එය තෝරා දුන්
ප්‍රේක්ෂකයාටම ආරාධනා කරන්නේ මුළු ප්‍රේක්ෂකාගාරයම පාවහනෙන් මතුවන කාඩ්පත දෙස විස්මයෙන් මුව අයා බලා සිටින අස්වැසිල්ලෙන් තමා මතෛක් භාවිතා කළ කාඩ්පත් තුනක අනුපිටපත්වලින් පමණක් සමන්විත කඩදාසි කුට්ටම සාමාන්‍ය කුට්ටමකට ක්ෂණිකව හුවමාරු කර ගැනීමටද අවස්ථාව ලබා ගනිමිනි. (නො. 4 උපක්‍රම දෙකක් සංයෝජනය කිරීම) මෙම කුට්ටමද ටෙලර් විසින් සඟවා ගනු ලැබූ පෙර කී කාඩ්පත් තුන කල් ඇතිව ඉවත් කරන ලද්දකි. අනතුරුව එකී කඩදාසි කුට්ටමද ප්‍රායෝගශීලී ටෙලර් විසින් කුතුහලයෙන් මඩිනු ලැබූ
ප්‍රේක්ෂකයා අතට පත් කරන්නේ ඔහුටම එය පරීක්ෂාකොට බලා තමා විසින් ටෙලර්ගේ පාදයෙන් මතු කරගත් කාඩ්පත එහි නොමැති බව සැකහැර තහවුරු කර ගැනීමටය.
(නො. 6 ඔබ ඔබටම කියා ගන්නා බොරුව) සංගීතය, සිතුවම්කර්මය හෝ කාව්‍ය නිර්මාණකරණය සේම විජ්ජා ශිල්පයද සෞන්දර්යත්වයෙන් අනූන වූ සුන්දරත්වය හඳුනන විෂය ක්ෂේත්‍රයක් බව ටෙලර්ගේ පිළිගැනීමක් වුවද ඒ සෑම විජ්ජා උපක්‍රමයකම අවසන් හරය වනුයේ ප්‍රේක්ෂකයාගේ අවබෝධතා ශක්තිය උරගා බැලීමය. එනම් සිහි උපක්‍රමය ප්‍රේක්ෂකයා මුළුමනින්ම රැවටීමට ලක් කිරීමට තරම් ප්‍රමාණවත් වන්නේද යන්නයි. වසර ශතවර්ෂ ගණනාවක් පැරණි දත්ත සාම්පලයන්ට හිමිකම් කියන විජ්ජාකරුවන්ගේ විජ්ජා ශිල්පයන් යථාර්ථයක් බවට පත්වන තුරුම සිටින වාරයක් අසීමිත පිරිසක් විසින් චිරාත් කාලයක් මුළුල්‍ලේ අනුකරණයට ලක්කොට තිබෙන්නකි. එවැනි වූ ඓතිහාසික පාරම්පරික අත්දැකීම්වලින් සපිරි විජ්ජා කර්මයද ස්නායු විද්‍යාව අතර වත්මනෙහි ස්ථාපනය කිරීමට උත්සාහ දරන මෙම අපූරු සබැඳියාව සම්බන්ධයෙන් කිව යුතු වන්නේ දැනුමෙන් පරිපූර්ණ යැයි සිතා සිටින මෙම ස්නායු විද්‍යාඥයින් පස් සාම්පල එකතු කරමින් සිටින්නේ විජ්ජාකරුවන් විසින් සියවස් ගණනාවකට එපිට සිට සිතියම් ගතකොට කැණීම් කටයුතු සිදුකරන ලද දැවැන්ත කඳු වැටියක් බඳු විෂය පරිචයක් පිළිබඳව බවයි
0 comments:
Post a Comment